පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේ පිපිරීමක් සිදුව ඇති අතර එයින් දෙදෙනෙකු මියගොස් තවත් අට දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එම පිපිරිමෙන් මියගොස් ඇත්තේ චීන ජාතිකයින් දෙදෙනෙකි.

පාකිස්තානයේ සින්ද් පළාතේ විදුලිබල ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන්ගේ රථ පෙළක් ඉලක්ක කර මෙම පිපිරීම සිදු කර ඇති අතර, ප්‍රහාරයේ වගකීම බලුකිස්තානයේ බෙදුම්වාදී විමුක්ති හමුදාව භාරගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍යය උපුටා දක්වමින් වාර්තා කරන්නේ බලුකිස්තානයේ බෙදුම්වාදී විමුක්ති හමුදාව නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වන්නේ කරච්චි ගුවන් තොටුපළෙන් පැමිණෙන “චීන ඉංජිනේරුවන් සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ රථ පෙළක් ඉලක්ක කර ගත්” බවයි.

කෙසේ වෙතත් ෂැංගයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සත්කාරකත්වය ලබාදීමට සූදානම් වන බැවින් පාකිස්තානයේ ආරක්ෂාව ද තර කර ඇත.