2024 මහ මැතිවරණය​ට සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් සඳහා විවිධ පාර්ශව විසින් මතුකර ඇති විරෝධතා සහ ගැටලු පරීක්ෂා කොට වාර්තා කිරීමට කමිටුවක් පත් කර ඇ​ත.

සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් මෙ​ම කමිටුව පත් කොට ති​බේ.

ජනාධිපති නීතිඥවරුන් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්.ඩ්.ජයනාථ එම කමිටුවට පත් කොට ඇති සෙසු සාමාජිකයින් ​වේ .