වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නිර්දේශය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද සවස 2.00ට රැස්වෙයි.

වැඩබලන පොලිස්පතිවරයා දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතුව ඇත.

පොලිස්පති දේශබන්දු දෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැළැක් වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු විය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කරනු ලැබීය.