2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද(09) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව බී කාණ්ඩයේ මූලික වටයේදි ස්කොට්ලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් අද පස්වරු 3:30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ කාණ්ඩය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 7:30ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.