අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකරට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන ආන්දෝලනාත්මක දූෂණ සහ ඝාතන පිළිබද විමර්ශන කටයුතු සිදු කිරීමට පත්කරන විශේෂ කමිටුව සඳහා අවශ්‍ය සහය ශානි අබේසේකරගෙන් ලබා ගැනීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ විශේෂ කමිටුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් මෙහෙයවීමට නියමිත බව වාර්තා වේ.

කෙසේවෙතත් ශානි අබේසේකර මහතා යළි සක්‍රීය පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම යටතේ බදවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සම්පූර්ණ වගකීම ඔහුට ලබාදීමට නියමිත බවත් වාර්තා වේ.