පිටු 64 කින් යුත් එන් සීරිස් හෙවත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර පිටු 48 කින් සමන්විත ජී සීරිස් ගමන් බලපත්‍ර ලෙස වෙනස් කිරීමට අභියාචනාධිකරණය වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරියට අවසර ලබාදී තිබේ.
නීතිපතිවරයා හා වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන සිදුකළ කරුණු දැක්වීමක් සලකා බැලූ අවස්ථාවේදී එම අවසරය ලබා දී ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් අද මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණි.
අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා ඇත්තේ එන් සීරිස් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ 50,000 ක් සැපයීම සිදුකරන විදේශ සමාගම් 02 සදහා ඊට අවශ්‍ය පහසුකම් නොමැති බැවින් එම ගමන් බලපත්‍ර ජී සීරිස් ලෙස වෙනස් කිරීමේ අවශ්‍යතාවක් මතුවී ඇති බවයි.