අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය සහ ඇමැති විජිත හේරත්ගේ ඡායාරුප සහිතව ඊයේ සමරු මුද්දර දෙකක් නිකුත් කෙරුණු අතර තැපැල් දෙපාර්තමේන්තුව විසින් මෙම මුද්දර දෙක නිකුත් කර ඇත්තේ 150 වැනි තැපැල් දිනය වෙනුවෙන් පැවති උත්සවයකට සමගාමීවය.

උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු අතර මෙහිදී අදාළ මුද්දර දෙක අගමැතිවරියට සහ ඇමතිවරයාට පිළිගැන්වීම සිදුවිය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඕනෑම පුද්ගලයෙක්ගේ රුව සහිත සමරු මුද්දර නිකුත් කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුවද හරිනි අමරසූරිය සහ විජිත හේරත් මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනෙකුවීම විශේෂත්වයකි. ඒ අනුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජාතික ජනබලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂකයෙකු වන අතර කැබිනට් අමාත්‍ය විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂකයෙකු වේ.

කෙසේවෙතත් මෙලෙස ජාතික ජන බලවේගයේ දේශපාලකයන්ගේ රුව සටහන් මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන සහ හාස්‍යයට ලක්කිරීම් පලවන ආකාරය දැකගත හැකිවිය.