ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ පත් කර ඇත.

එසේම ඊට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද පත් කර ඇති බවයි එම සමාගම පවසන්නේ.

ඉකුත් 2019 දී ශ්‍රී ලංකන්හි සභාපති ලෙස සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපතිවරයා වූ අශෝක් පතිරගේ පත් කරනු ලැබුවේ එවක ජනපති ගෝඨාභය රාජපක්ෂයි.

නව ජනපතිවරයාගේ පත් කිරීමක් ලෙස ආ සරත් ගනේගොඩ වත්මන් හේලීස් සමාගමේ සමූහ විධායක අධ්‍යක්ෂ වේ.

පසුගිය සමයේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට ඉදිරිපත් කළ අවස්ථාවේ කොටස් මිලට ගැනීමට ඉදිරිපත් වූ සමාගම් අතර හේලීස් සමාගමද එක්ව සිටි බව සඳහන්.