අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට 76 වැනි වියේ පසු වූ අතර ඊයේ රාත්‍රියේ ඔහු මිය ගොස් ඇත.

ඔහුගේ සිරුර සිය නිවසේ නාන කාමරය තුළ තිබී සොයා ගෙන තිබේ.

ඔහු එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර, මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව​යි .