වර්ෂාව හේතුවෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල සිට නානුඔය දක්වා ප්‍රදේශයේ ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබේ.

එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙසත් සෙමින් රිය ධාවනය කරන ලෙස​ත් හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (11) අලුයම සිට කඩින් කඩ ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් දෛනික ජන ජිවිතයටද බාධා පැමිණ තිබෙන අතර පවතින අධික වර්ෂාවත් සමග හැටන් ඇතුළු කදුකර ප්‍රදේශවල අදුරු කාලගුණ තත්ත්වයක් සමග අධික සීතලක් පවතින බව වාර්තා වේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් සඳහන් කර ඇත.