දිවුලපිටිය, බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීයාමෙන් සිදුවූ පිපිරීමකින් එහි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 19 දෙනෙකු තුවාල ලබා අකරගම සහ දිවුලපිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

මියගිය පුද්ගලයා ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.