දමිතා අබේරත්නගේ නම සමගි ජන සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔ​හු මේ බව සඳහන් කර ඇ​ත.

එහිදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසා සිටියේ, දමිතා අබේරත්න ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට විශාල ශක්තියක් ලබා දුන් බවයි.

“ඒ වගේම එතුමිය රටේ පැවති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොබියව ඉදිරියට පැමිණ අදහස් දක්වපු කාන්තාවක්. ඒ නිසා තමයි එතුමියට මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබාදීමට පක්ෂය තීරණය කරලා තිබුණේ. නමුත් නාමයෝජනා අත්සන් කරලා එතුමියගේ නම කපා හැරීම පිළිගන්න බෑ. එය වැරදි වැඩක්. පක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න මේ වන විට කටයුතු කරලා තිබෙනවා.”