පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම ගොස් වසර දෙකක් ඇතුළත තම වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර ඇති බව වාර්තා වේ.

අලුතින් පනවන ලද දූෂණ විරෝධී පනතට අනුකූලව මෙම නියෝගය නිකුත් කර ඇත.

එම වත්කම් බැරකම් ප්‍රකාශයන්හි මූලික වාර්තාව සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කොමිසම නිවේදනය කර ඇත.

කෙසේ නමු​ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට ද තීරණය කර තිබේ.