සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (15) පැවැත්වීමට නියමිතව ඇත.

තරගය අද රාත්‍රී 7ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් මේ වන විටත් තරගාවලියේ 1-0 ලෙස ඉදිරියෙන් පසුවේ.