ඊයේ (14) හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුවන නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මුහුදේ ගිලීමෙන් මෙලෙස මිය ගොස් ඇති බවට වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇති ඔහු මිය යන විට 61 හැවිරිදි වියේ පසුවිය.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් ඇති අතර, දැනට වසර ගනනාවක සිට ඔහු එරට පදිංචිව සිට ඇති බව වාර්තා ​වේ.

ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක්වන අතර, බිරිඳ නීතිඥවරියක් බව සඳහන් වේ.

ඔහුගේ මෙම හදිසි මරණය පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට නියමිත දිනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.