තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු පවසන්නේ රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවයි.

මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඔහු කියා සිටියේ, පොදුජන පෙරමුණ මහ මැතිවරණය ඉතා හොඳින් සූදානම් බවත්, මහ මැතිවරණය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරන බවත්, ශෂීන්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් මැතිවරණයට ඉදිරිපත් වන අතර 113 පහසුවෙන් ලබාගත හැකි බවත් ය.

එමෙන්ම තමන්ගෙ සමුගැනීම තාවකාලික බවත් කිසිදු දේශපාලඥයෙක් විශ්‍රාම යන්නේ නැති බවත් පැවසූ මහින්ද රාජපක්ෂ තව දුරටත් කියා සිටියේ, අනුර කුමාර ජනපතිවරයා විසින් ප්‍රථම වතාවට බොහෝ පිරිසක් විශ්‍රාම යන බව පැවසූ ප්‍රකාශය පිලිගත නොහැකි බවයි.