හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “වසරක කාලයක් පුරා ලුහුබැඳීමෙන්” පසුව දකුණු ගාසා තීරයේ මෙහෙයුමකදී සින්වාර් සිය හමුදා විසින් ඝාතනය කළ බවයි.

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිටින බවට සැක කෙරෙන ස්ථාන පිළිබඳව ලබා දුන් බුද්ධි තොරතුරු අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන 828 වැනි බලසේනාවේ IDF සොල්දාදුවන් “ත්‍රස්තවාදීන් තිදෙනෙකු හඳුනාගෙන තුරන් කර ඇත. එය හඳුනාගැනීමේ ක්‍රියාවලියක් එකතු කරමින් මියගිය අයගෙන් එක් අයෙකු සින්වර් බව තහවුරු විය” යනුවෙන් සනිවේදනයෙ සඳහන්ව ඇතැයි විදෙස් මාධ්‍යය පවසයි.