ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අතිරේක දිනය අද (18) ක්‍රියාත්මක වේ.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර සඳහන් කළේ, පසුගිය 14 වන දින තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට අද දිනයේදි තැපැල් ඡන්දය සලකුණු කිරිමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව දිස්ත්‍රික් කාර්යාලයේදී රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්දය 90% කට වැඩි ප්‍රමාණයක් සලකුණු කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂ 08 ක් සහ ස්වාධින කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර සඳහන් කරයි.

කෙසේ නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.