හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්තවත්ගේ පුද්ගලික ලේකම් සංජීව බස්නායක වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

ඔහු මෙම සියදිවි හානි කරගැනීම සිදුකරගන්නේ මහයියාවේ පිහිටි ලොහාන් රත්තවත්තගේ පවුලේ නිවස තුළ දී බවයි තොරතුරු වාර්තා වන්නේ.

මීට පැයකට පමණ කලින් සිදුවූ එම වෙඩි තබා ගැනීමේ දී එ​ම පුද්ගලයා එතැනම මිය ගොස් ඇත.

පොලිසිය සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.