අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට හෙට (23) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22)අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

ඒ, පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජෝන්ස්ටන් ප්‍රනාන්දු විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබීය.