ඊයේ (21) කැනඩාවේ රැකියාවක නිරත වෙමින් සිටි යාපනයේ මයිලිට්ටි ප්‍රදේශයේ තරුණයෙකු එරටදී වෙඩි තබා ඝාතනය කර ති​බේ.

පංචලිංගම් පාර්තීපන් නැමති 44 හැවිරිදි මොහු, කැනඩාවේ ඔන්ටාරියෝ නුවර මාර්ඛාම් (Markham) ප්‍රදේශයේදී මෙසේ වෙඩි වැදීමට ලක්ව ඇත.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔහු පදිංචිව සිටින නිවස අසලදීම බවට වාර්තා වේ.

ඔහුට වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තබන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය ගැන වාර්තා වීමෙන් පසුව පොලිසිය පැමිණ වෙඩි වැදී තුවාල ලබා සිටි ඔහුව රෝහල් ගත කිරීමට උත්සහ කළද ඔහු ඒ වනවිටත් මියගොස් සිට ඇති බ​ව වාර්තා ​වේ.

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.