ලබන වසරේ ආනයනය කර​න බඩඉරිඟු ප්‍රමාණය මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩුකිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාශයේ ලේකම් එම්. පී. එන්. එම් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දැනට වාර්ෂිකව බඩඉරිඟු මෙක්ට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයන කරන බවය.

එමෙන්ම බඩඉරිඟු ආනයනය කිරී​ම සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් එළීය​ට යන බවත්, ​ඒනිසා ලබන වස​රේ මෙක්ට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් දක්වා අඩු කිරීමට උපදෙස් ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

​ඒ සඳහා දැනට සි​දු කරන නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය බවත්, ලබන වස​රේ බඩඉරිඟු සඳහා යොදන ඉඩම් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

විදේශවලින් බීජ ආනයනය කිරීමකින් තොරව එම බීජ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවලක් සකස් කරමින් පවතින බව ද එම්.පී.එන්.එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.