හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට ඔහු සඳහන් කර සිටියේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තමාව කැඳවා ඇති බවයි.

මාධ්‍යවේදීන් – ඇයි හදිසියේ කැඳවලා තියෙන්නේ ?

නාමල්- “දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ.”

මාධ්‍යවේදීන් – කාරණාව දන්නේ නැද්ද ?

නාමල් – “කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.”