ත්රිකුණාමලයේ පෞද්ගලික රෝහලක් තුළදී අද අලුයම කාන්තාවක් කපා කොටා ඝාතනය කර ඇති බව වාර්තා වේ.
පොලිසිය පැවසුවේ විදේශයක සිට පසුගියදා පැමිණි මෙම කාන්තාව ඇගේ සැමියාට අයත් රෝහලේ තුන්වැනි මහලේ නිල නිවාසයක නවාතැන් ගෙන සිට ඇති බවයි.
එම මහලේම නිල නිවාසයක පදිංචිව සිටින ඇයගේ මස්සිනා විසින් මෙම කාන්තාවට පහරදී ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
63 හැවිරිදි කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඝාතනය සම්බන්ධයෙන් 55 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැති අතර ඒ සම්බන්ධයෙන් ත්රිකුණාමලය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.