‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ කොමිස් මුදල ගණනය කිරීම සඳහා මිල සූත්‍රයක් සකස් කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා ඊයේ (4) මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර අදාල මිල සූත්‍රය සකස් කිරීම සඳහා ඉන්ධන බෙදුම්කරුවන්ගේ පිරිවැය පිළිබඳව තොරතුරු මේ වන විටත් ලබාගෙන තිබේ.

ඒ අනූව ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල පිළිබඳව පවතින ගැටලුවට විසදුමක් ලෙස සෑම ඉන්ධන ලීටරයකට රුපියල් 6 ක මුදලක් ගෙවීමට සංස්ථාව එකඟව තිබේ.

නමුත් ඔවුන් අධිකරණයට ගොස් ඇති බවත් ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හිමියා සිපෙට්කෝ බෙදාහැරීම් ජාලයේ කොටස්කරුවෙක් ලෙස සළකමින් අසාධාරණ ලාභයක් ඉපැයීමට අවස්ථාව නොදෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.