ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්තයේ සිට සංචාරකයන් පිරිසක් අද (නොවැ 5) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

ඔවුන් පැය 24ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව අද උදෑසන 8:33ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

24 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14ක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිත වන අතර ඔවුන් කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, ඇල්ල සහ යාල යන ප්‍රදේශවල සංචාරයෙහි නියැලීමට සැලසුම් කර තිබේ .