මහනුවර ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකු විසින් රු ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් විකිණිමට උත්සහ කිරිමේදි අත්අඩංගුවට ගැනිමට මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත.

එම විහාරස්ථානයේ විහාරාධිපති විසින් ගජ මුතු දෙකක් රු ලක්ෂ 40 ක මුදලකට අලෙවි කිරිමට සුදානම් වන බවට ලද තොරතුරක් මත වනජිවි නිලධාරින් උපාය දුතයෙකු යොදාගෙන පෙරේදා (05) දින සිදු කළ මෙහෙයුමකදි ගජ මුතු දෙක සහ සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබූ අතර ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකාර චීවරධාරියා මෙම 08 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි සඳහන් වේ.

වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ සහ සහකාර අධ්‍යක්ෂක මධ්‍යම ප්‍රසාන්ත විමලදාස යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක කැළුම් පතිරණ ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලිම සිදු කර ගජ මුතු දෙක සහ සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබුණි.