ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින් චීන ටික්ටොක් සමාජ ජාලයට අයත් කැනඩාවේ පිහිටි කාර්යාල වසා දැමීමට එරට රජය නියෝග කර තිබේ.
අන්තර්ජාලය ඔස්සේ ටික්ටොක් සමාජ ජාලයට ප්‍රවේශ වීම සඳහා කැනේඩියානු ජාතිකයින්ට තහනමක් නොමැති බව එරට රජය දැනුම් දී තිබෙන නමුත් එම ආයතන වසා දැමීමට රජය ගත් තීරණය හේතුවෙන් දේශීය රැකියා බොහෝ සංඛ්‍යාවක් අහිමි වන බවට ටික්ටොක් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසයි.
කෙසේ වෙතත් කැනේඩියානු රජය ගත් එම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා යොමු වීමට ඔවුන් තීරණය කර ඇති බව වාර්තා වේ.