පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇත.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
කෙසේ වෙතත් අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙන බවද සඳහන් වේ.
එමෙන්ම නොවැම්බර් මස 14 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කරයි.
මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් පිරිසක් අද දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත තිබෙන අතර යුරෝපා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් දැනටමත් දිවයිනට පැමිණ සිටින අතර තවත් පිරිසක් ඉදිරියේදී පැමිණීමට නියමිත බවයි සඳහන් වන්නේ.