නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්රදේශයේ ගමන් කිරීමෙන් වළකින ලෙස නිකුත් කළ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්යංශය ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ප්රතිචාරයක් දක්වා නොමැති බව රජයේ ආරංචි මාර්ග සදහන් කළේය.
පසුගිය මස 23 වැනිදා ඇමරිකානු තානාපති කාර්යාලය ආරුගම්බේ ප්රදේශයේ ජනප්රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බව පවසමින් සිය පුරවැසියන්ට අදාළ නිවේදනය නිකුත් කරනු ලැබුවේය.
අනතුරුව අදාළ ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය පියවර ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.