හොරණ, ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් මෙසේ අනතුරට ලක්ව තිබෙන අතර මියගොස් ඇත්තේ කුඩා දරු දෙදෙනාගේ මව බව පොලිසිය පවසයි.
බරපතල තුවාල ලැබූ දරු දෙදෙනෙකු සහ ඔවුන්ගේ පියා රෝහල් ගත කළ බව පොලිසිය සදහන් කළේය.
තුවාල ලද සියලු සියලු දෙනාගේම හිස ප්‍රදේශවලට බරපතල තුවාල සිදුවී තිබෙන බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කර ඇත.
මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 34ක තැනැත්තියක් වන අතර මහ මැතිවරණයට ඡන්දය දැමීම සඳහා පිළියන්දල සිට මිද්දෙණිය ප්‍රදේශය කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇති බව සදහන් වේ.