හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලීසිය මගීන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

හිටපු ඇමැතිවරයා ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය මගින් පෙළපාලිය විසුරුවා හැරීමට කටයුතු කලේය.

එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක්ද ඇතිවී තිබූ අතර හිටපු ඇමැතිවරයා ඇද සිටි ටී ෂර්ටය පවා ගලා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරෙනු දකින්නට ලැබුණි.

පොලීසිය පවසන්නේ, මේ වන විට හරීන් ප්‍රනාන්දුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවයි.