පසුගිය (25) දා ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙකක් හා පුද්ගලයින් එකොළොස් දෙනෙක් අද (02) කොළඹ වරායට රැගෙන විත් තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් පමණ මෙම යාත්‍රාවල තිබී සොයාගෙන තිබෙනවා.
ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදුකෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් අනතුරුව ඉන්දීය මුහුදු සීමාවේදී මෙම යාත්‍රා අත්අඩංගුවට ගෙන තිබූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙම යාත්‍ර්‍රා හා පිරිස භාර දී තිබුනේ පසුගිය 29 වනදායි.
ඒ අනුව, අද පෙරවරුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව මගින් අදාළ පිරිස හා මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට රැගෙන එනු ලැබ ඇත.