හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ ගෝඨාභය රාජපක්‍ෂ රජය සමයේ සීනි ආනයනයේදී බදු වංචාවක් සිදුව ඇතැයි ලැබී ඇති පැමිල්ල මත සිදුවන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ධ රුපියල් පනහ සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම අහිමි කරන ලදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

එවක රජයේ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ බන්දුල ගුණවර්ධනයි.

එම සිදුවීමට අදාළව ඔහු සතුව කිසියම් ලිපිගොනු ඇත්තේ නම් ඒවාද රැගෙන පැමිණ ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වා ඇතැයි සඳහන් වේ.