රජයට අයත් ලේක්හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වලට නව කර්තෘවරුන් පත්කර ඇත.

දිනමිණ පුවත්පතේ කර්තෘ ලෙස සේවය කළ මනෝජ් අබයදීර එම තනතුරින් ඉවත් කර ඇති අතර ලේක්හවුස් ආයතනයේ කර්තෘවරුන්ට කරන සාම්ප්‍රදායිකව දැනුම් දීමේ සම්ප්‍රදායෙන් තොරව ඔහුව ඉවත් කිරිමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම සිළුමිණ පුවත්පතේ වැඩබලන කර්තෘ ලෙස කටයුතු කළ ශිරෝමි අබේසිංහ එම ධුරවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර එම ඉවත් කිරිම් වලින් අනතුරුව නව පත්කිරීම් සිදුකර ඇත.

ඒ අනුව දිනමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙස ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වන, ලංකාදීප පුවත්පතේ උප කර්තෘ ප්‍රදීප් දසනායක පත්කර ඇති අතර, සිළුමිණ පුවත්පතේ කර්තෘ ලෙස දිනමිණ පුවත්පතේ සේවය කළ අනුර කේ. එදිරිසුරිය පත්කර ඇති බව වාර්තා වේ..