හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත වන අතර ඔහු දෙමසක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන දෙවැනි වතාව මෙය වේ.

මෙවර ඉන්දීය සංචාරයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී හමුවීම් කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වන අතර ඊට අමතරව දෙසැම්බර් 27 වැනිදා ඔ​හු අතල් බිහාරි වප්පායි අනුස්මරණ දේශනය පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර සතියකට වැඩි කාලයක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.

ඔහු ඉකුත් නොවැම්බර් 21 වැනි දා සිට 30 වැනි දා දක්වාද ඉන්දීය සංචාරයක නිරත විය.