ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට ඔහුට වයස අවුරුදු 80කි.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ප්‍රියා සූරියසේන 1968 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි. අනතුරුව 1972 වසරේදී සරල ගී ගායනයට පිවිසි අතර හෙට දවසේ අප දෙදෙනා, අදුර අදුර මගේ, සරතැස නිවා, කිරිසයුරේ, ඈත රන් විමන්, ප්‍රණීත මී බිඳු, ඇතුළු ගී රැසකින් ඔහු ලොවපුරා ජනාදරයට පත් විය.