ගාල්ල, කලුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් පවතින ප්‍රදේශ සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අතර, ඉදිරි පැය 36 දී බස්නාහිර, සබරගමුව , දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.