කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් පැවැත්වෙන අප්‍රේල් 18 සහ 20 යන දිනවල විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
පොලීසිය පවසන්නේ, එම දිනයන්හි බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් සියළුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි.
බැතිමතුන් වැඩි වශයෙන් පැමිණීම සිදුවිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත්, ප්‍රධාන දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
මේ සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරි යෙදවීමට කටයුතු කරනු ඇත.