​ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස්, සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් සිදුව තිබේ.

වෙළඳාම, ආයෝජන, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ ක්‍රීඩා ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
එමෙන්ම මෙම හමුවේ දී වෘත්තීය පුහුණුව, සංක්‍රමණ කළමනාකරණය සහ තරුණ සංවර්ධනය යන ක්ෂේත්‍ර පිළිබඳව ද අවධානය යොමු කළ බව සඳහන් ​වේ.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස්ගේ මෙම සංචාරය ශ්‍රී ලංකා – නවසීලන්ත සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බව සදහන් වේ.