පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද (24) හැකි විය. ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර තේරී පත්ව ඇත. එහිදී සමගි ජන බලවේගයට ඡන්ද 23 – 22 ක් ලෙස ජයග්‍රහණය කළේය.