නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

දැඩි වර්ෂා සහිත කාලගුණය එයට හේතුව බව වාර්තා වේ.

එමෙන්ම ජල ගැලීම් සමඟ ගුහාවක සිරවී සිටි පාසල් සිසුවෙකු මුදවා ගැනීම සඳහා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ද අරඹා තිබෙන බව ද සදහන් වේ.

ඕක්ලන්ඩ්හි සිකුරාදා (05) ඇද හැලුණු වර්ෂාව නිසා ගමනාගමනය ඇණහිට ඇති අතර නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය විසන්ධි වී තිබේ.

නගරයට සාමාන්‍ය ගිම්හාන වර්ෂාපතනයෙන් 75%ක් පැය 15ක් තුළ ලැබී ඇත.

කුණාටුවේ බලපෑමෙන් යටිතල පහසුකම් සහ හදිසි සේවා ඇති වී ඇති බවත් නවසීලන්ත ආරක්ෂක බලකාය විපතට පත් පිරිස් ඉවත් කිරීම් සඳහා කටයුතු කරමින් සිටින බවත් එරට මාධ්‍යය වාර්තා කර තිබේ.

 

 

සසිඳු සහන් තාරක