2023 (2024) උසස් පෙළ විභාගය ජනවාරි 04 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, ජනවාරි 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,298කදී විභාගය පැවැත්වීමට නියමිතය.

විභාග කාලසටහන් සහ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල් විදුහල්පතිවරුන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත යවා ඇත.

ප්‍රවේශ පත්‍ර නොලැබුණු පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන්ට තම අදාළ ලියකියවිලි බාගත කරගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසිය හැකිය.