2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර ඇත.

පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

මේ අතර 2023 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම් පත් කැඳවීම ද ජුලි මස 28වන දින අවසන් වීමට නියමිතව තිබේ.

විභාගය සඳහා මාර්ගගතව අයදුම් කළ යුතු වන අතර අදාළ දිනයෙන් පසු අයදුම්පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇත.