Xposure Media යනු ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ සමාජ මාධ්‍ය අවකාශය තුළ නවතාවකින් සහ ඉහළ නිවැරදිතාවකින් යුතුව මාධ්‍යකරණයේ නිරත වන මාධ්‍ය ආයතනයකි.
සාම්ප්‍රදායික ප්රවෘත්ති වෙබ් අඩවි සංකල්පයෙන් බැහැරව පරිශීලකයන්ට වඩා පුළුල් සහ සත්‍ය අත්දැකීමක් ලබාදීමත්, ‘හැම කතාවකම ‘ඇත්ත’ අනාවරණය කිරීමත් මූලික අරමුණ කරගත් Xposure Media ආයතනය Facebook, Youtube, TikTok, Twitter, Whatsapp, Telegram ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ සිය මාධ්‍ය මෙහෙයුම් සිදුකරන අතර, මේ වනවිට ක්ෂේත්රය තුළ සිය සීමා තවදුරටත් පුළුල් කරමින් වීඩියෝකරණ සහ නිෂ්පාදන ක්ෂේත්රය තුළද තම අනන්‍යතාව සලකුණු කරමින් සිටියි.
ඒ අනුව නිෂ්පාදන ආයතනයක් ලෙස ද ක්‍රියාත්මක මෙම ආයතනය Documentaries, Audio & Video Recordings, TV Commercials, Web Series ඇතුළු වීඩියෝ නිර්මාණ කාර්යයේ නිරත වෙයි.
ඒ ඔස්සේ සිය ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් පිරිපුන්, වඩා ඉහළ ගුණාත්මකතාවකින් යුතු සේවා සැපයීමටද Xposure Productions ආයතනය කැප වී සිටියි.