පූර්ව පිළිකා රෝගී තත්ත්වයන් හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් බලගැන්වුණු Opthascan වැඩසටහන ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදී ඇතැයි ඒ සඳහා මූලිකත්වය ගත් කණ්ඩායම පවසනවා. ඒ අනුව දකුණු ආසියාව තුළ මෙම තාක්ෂණය භාවිත කරන පළමු රට ලෙසද ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්වෙයි

පිළිකා රෝගය සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා ඉවහල් වන නවෝත්පාදනයක් ලෙස මෙම Opthascan සැලකෙනෙ අතර මෙය ශරීරයේ අභ්‍යන්තර පිළිකා කිහිපයක් හඳුනා ගැනීම සඳහා අලුතින් එළිදක්වන ලද අහිතකර නොවන පරීක්ෂණ යෙදුමක් බව සඳහන් වේ.

විශේෂයෙන්ම Opthascan යෙදුම තුළින් පළමු වර්ගයේ පිළිකාවන් වෙන් කර හඳුනාගැනීමට සහ රෝගයේ සැබෑ ස්වභාවය මෙන්ම ගත වී ඇති කාලය පිළිබඳව නිශ්චිත තක්සේරුවක් ලබා දෙමින් නිවැරදි විසඳුම්වලට එළඹීමට අවස්ථාව ලැබෙන බව පැවසෙයි.

මෙහිදී කෘත්‍රිම බුද්ධියේ සහ යාන්ත්‍රික ඉගෙනුම් බලය (Artificial Intelligence and Machine Learning) උපයෝගී කර ගනිමින් විවිධ ආකාරයේ පිළිකා ශරීරයට අහිතකර නොවන ලෙස හඳුනා ගැනීමේ විශේෂ හැකියාවක් දකුණු ආසියාවේ ප්‍රථම වරට හඳුන්වාදෙන ලද මෙම Opthascan යෙදුම සතු වේ.

මෙමඟින් රෝගියෙකුගේ කළු ඉංගිරියාවෙහි ඡායාරූපයක් විශ්ලේෂණය කර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු, ගර්භාෂය සහ ගැබ්ගෙල පිළිකා ඇතුළු අභ්‍යන්තර පිළිකා 98%කට වඩා ඉහළ නිවැරදි අනුපාතයකින් හඳුනාගැනීමට හැකි බව පවසයි