2023 වර්ෂයේ ලෝකයේ වැඩියෙන්ම Google සෙවීමට ලක් වූ චිත්‍රපට ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, Barbie චිත්‍රපටය එහි පළමු ස්ථානයට පත්ව අතර, දෙවැනි ස්ථානය හිමි වී ඇත්තේ Oppenheimer චිත්‍රපටයටයි.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රඟපෑ Jawan චිත්‍රපටයට මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිවි තිබීම සුවිශේෂී වන අතර Gadar 2 සහ Pathan යන හින්දි චිත්‍රපටද පිළිවෙලින් 8 සහ 10 යන ස්ථාන හිමි කරගෙන තිබිම කැපී පෙනෙනවා.

එමෙන්ම, රන්බීර් කපූර් සහ ආලියා භාත් රඟපෑ Brahmastra චිත්‍රපටයේ, අරිජිත් සිං විසින් ගායනා කළ Kesariya ගීතය වැඩිම සෙවුම් වාර ගණක් හිමි චිත්‍රපට ගීත ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වී තිබෙනවා.