පොප් සංගීතයේ ජනප්‍රිය තාරකාවක් වූ ඇමෙරිකානු ගායිකා Britney Spears මේ වන විට සංගීත ක්ෂේත්‍රය තුළ දැක ගන්නට ලැබෙන්නේ නැහැ. 2017 දෙසැම්බර් 31 වෙනිදා ලාස් වේගාස් හි සිදු කරන ලද ඉදිරිපත් කිරීමෙන් පසුව, ප්‍රසංග වේදිකාවේද ඇය දැකගැනීමට හැකියාව නොලැබුණු අතර, 2021 වසරේ නිකුත් කළ “Hold Me Closer” ගීතයෙනු පසු ගීතයක් නිකුත් කළේද නැහැ.
පසුගිය කාල සීමාවේදී ඇයගේ නව සංගීත ඇල්බමයක් නිකුත් වන බවට ප්‍රචාරය වීමත් සමඟ ඇගේ රසිකයින් ඒ පිළිබඳව දැඩි උනන්දුවකින් පසු වුණා. නමුත්, එම සියළුම ප්‍රචාරයන්ට තිත තබමින් Britney අද දින ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් කියා සිටියේ තමන් නැවත කිසි දිනෙක සංගීත ක්ෂේත්‍රයට නොඑන බව ප්‍රකාශ කර තිබෙනවා.
නමුත්, ගීත ලිවීමේ කටයුතු දිගටම කරගෙන යන බව ප්‍රකාශ කර ඇති ඇය, පසුගිය වසර දෙක තුළ තමා වෙනත් පුද්ගලයින් සඳහා ගීත 20 කට වැඩි ප්‍රමාණයක් ලියා ඇති බවත්, නොපෙනෙන රචකයෙක් (Ghost writer) ලෙස ඒවා රසවිඳින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

ඇය විසින් තබා ඇති ඉන්ස්ටග්‍රෑම් සටහන පහතින්
https://www.instagram.com/britneyspears/p/C1p-tjPPn0T/?hl=en