චැනල් 4 නාළිකාව සිංහල බෞද්ධ පාලකයෙකු පත්කරගැනීම සඳහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ජීවිත පරිත්‍යාගයෙන් සැලසුම් සකස් කළ බව පැවසීම හාස්‍යයක් වනබව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පවසා ඇත.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක කැප්පිටියාගොඩ සිරිනිමල නා හිමියන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ චැනල් 4 නාළිකාව රට තුළ කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන්නේ යැයි පෙනී යන බවය.

එබැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රට තුළදීම දේශීය හා විදේශීය විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කාදිනල්තුමන්ගේ ද අධීක්ෂණය යටතේ විමර්ශනයක් කිරීම සුදුසු බව උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.