පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව ඔස්සේ විකාශය කළ වැඩසටහනින් එල්ල කළ චෝදනා සම්බන්ධව විමර්ෂණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම් මහතා කටයුතු කරයි.

සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතීඥ හර්ෂ ඒ.ජේ සොයිසා යන මහත්වරු කටයුතු කරති.